Sunday, August 19, 2012

70

ඔබේ Passwords හැකර්ලා ගෙන් රැකගමු.

Posted in , ,



ගොඩක් කාලෙකින් අලුත් පෝස්ට් එකක් දාන්නත් බැරි උනා. මේ දවස් වල බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක වෙනස් කරලා ඒකේ ඉතුරු වැඩ ටික ටික ඉවර කරන ගමන් ඉන්නෙ. ඉතින් මගේ බ්ලොග් එකට නිතර එන ඔයාලට මොනවා හරි අපහසුතාවයක් උනා නම් ඒකට මුලින්ම සමාවෙන්න. තව දෙයක් තමයි මගේ සයිට් එකේ සමහර ඩවුන්ලෝඩ් ලින්ක්ස් වැඩ කරන්නෙ නෑ. ඒවා හැම එකක්ම ආයෙත් තව ටික දවසකින් රීඅප්ලෝඩ් කරනවා. ඒ සම්බන්දයෙන් ඔයාලට සිදුවන අපහසුතාව ගැනත් බලවත් කණගාටුව...:)

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. සමහරු දැනටමත් මේක බාවිතා කරනවා ඇති. ඒත් තාමත් බාවිතා නොකරන මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසා පොඩ්ඩක් ලියන්න තීරණය කරා. අපි හැමෝටම අන්තර්ජාලයෙ විවිධ එකවුන්ට් තියෙනවා. ඊමේල් එකවුන්ට්, ෆේස්බුක් එකවුන්ට්, ඔන්ලයින් බෑන්ක් එකවුන්ට්, වගේ තව තව ගොඩක් දේවල්. තමන් තමන්ගෙ එකවුන්ට් ගැන ගොඩක් සැලකිලිමත් වෙන පුද්ගලයෙක් නම් කවදාවත් හැම එකවුන්ට් එකකටම එකම පාස්වර්ඩ් එකක් බාවිතා කරන්නෙ නෑ. මොකද පිටස්තරයෙක් කිසියම් ක්‍රමයකින් ඔබව රවට්ටලා ඔබේ පාස්වර්ඩ් එක දැන ගත්තොත් ඔබ ඔබේ සෑම ගිණුමකටම බාවිතා කරලා තියෙන්නෙ එකම පාස්වර්ඩ් එකක් නම් ඔබට ඒ සියලුම එකවුන්ට් අහිමි වෙනවා. ගොඩක් වෙලාවට හැකර්ලා... සොරි වැරදුනා... ස්ක්‍රිප්ට් කිඩ්ස්ලා ඔබේ පාස්වර්ඩ් දැන ගන්නෙ ඔබව රවට්ටලා. සෝෂල් නේට්වර්ක් බාවිතයෙන් කිසියම් පුද්ගලයෙක් රවට්ටලා ඔහුගේ පුද්ගලික තොරතුරු ලබා ගන්න එකට අපි කිසිම වෙලාවක හැක් කරනවා කියලා කියන්නෙ නෑ. නමුත් ගොඩක් අය මම දැකලා තියෙනවා ෆේස්බුක් එකවුන්ට් හැක් කරා... ඊමේල් එකවුන්ට් හැක් කරා කිය කිය කෑ ගහනවා. නමුත් එතන ඇත්තටම හැක් කිරිමක් වෙලා නෑ. වෙලා තියෙන්නෙ යම් පුද්ගලයෙක්ව රවට්ටලා ඔහුගේ පාස්වර්ඩ් එක සොරකම් කිරීම පමණයි. එසේ යම් කෙනෙක්ව රවට්ටලා පාස්වර්ඩ් එක හොරකම් කරන්න පුලුවන් ආකාර ගොඩක් තියෙනවා. ඔබ බුද්ධිමත් නම් කාටවත් ඔබේ පාස්වර්ඩ් හොරකම් කරන්න බෑ. අනිත් එක තමයි දැන් ජී මේල් වල ෆේස්බුක් වල පවා ඉතාමත් හොඳ සාර්ථක පහසුකමක් හඳුන්වලා දීලා තියෙනවා. දැන් කියලා කිව්වට මේවා ඇවිල්ලා ටික දවසක් වෙනවා... ගොඩක් අය දන්නවා මේ ගැන. ඒ තමයි Facebook වල Login Approvals සහ Gmail වල 2-Step Verification කියන පහසුකම්. ඉතින් මේ පහසුකම් ඔබ සක්‍රීයකර ගත්තොත් ඔබ ගොඩක් ආරක්ශිතයි වගේම පාස්වර්ඩ් එක පිටස්තරයෙක් අතට පත් උනත් බයවෙන්න දෙයක් නෑ.

ඒවා ගැන ඒ ඇති. අද මම ඔයාලට කියන්න යන්නෙ අපගේ පාස්වර්ඩ් මැනේජ් කරන්න පුලුවන් විශ්වාසවන්ත හා ආරක්ෂිත දැනට තිබෙන ලෝකයේ තියෙන හොඳම Password Manager මෘදුකාංගයක් ගැන. ඒ තමයි LastPass Password Manager මෘදුකාංගය. මේක නොමිලේ සපයන මෘදුකාංගයක්. පහසුකම් පොඩ්ඩක් වැඩි සංස්කරණයක් අවුරුද්දකට ඩොලර් 12ක් වගේ පොඩි ගානක් දීලා ගන්නත් පුලුවන්. නමුත් මේ නොමිලේ දෙන සංස්කරණය අපිට අපේ ආරක්ෂාව සඳහා හොඳටම ප්‍රමාණවත්.

Lastpass බාවිතයේ තියෙන වාසි මොනවද කියලා සමහර විට ඔයාලට හිතෙන්න පුලුවන්. මම පහලින් ඔබට ලැබෙන ප්‍රධානම වාසි ටික දාන්නම්.

01.) පලවෙනි එක තමයි අපිට පාස්වර්ඩ් මතක තියාගන්න ඕන වෙන්නෙ නෑ. මොකද Lastpass අපේ පාස්වර්ඩ් මතක තියාගන්නවා. ඔබට මතක තියාගන්න වෙන්නෙ Lastpass සඳහා දෙන මාස්ටර් පාස්වර්ඩ් එක විතරයි. සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරද්දි මාස්ටර් පාස්වර්ඩ් එකට හොඳ ශක්තිමත් පාස්වර්ඩ් එකක් දෙන්න, ඒ වගෙම ඒ පාස්වර්ඩ් එක හොඳින් මතක තියා ගන්න.

02.) දෙවනි වාසිය තමයි අපිට අපේ මොකක් හරි එකවුන්ට් එකකට ලොග් වෙන්න ගියාම යූසර්නේම් හා පාස්වර්ඩ් ටයිප් කර කර කාලය කන්න ඕන නෑ. AutoFill පහසුකම තියෙන නිසා එක ක්ලික් එකෙන් පාස්වර්ඩ් යූසර් නේම් තෝරලා දෙන්න පුලුවන්.

03.) තුන්වෙනි පහසුකම තමයි අපිට පාස්වර්ඩ් මතක තබා ගැනීමේ උවමනාවක් නැති නිසා එක් එක් එකවුන්ට් එක සඳහා එකිනෙකට වෙනස් පාස්වර්ඩ් ලබා දීමට හැකි වීම.

04.) තව ලැබෙන වාසියක් තමයි ඉතා ශක්තිමත් පාස්වර්ඩ් අපිට මේ මෘදුකාංගය බාවිතා කරලම සාදා ගන්න හැකි වීම.

මම හිතනවා ඔබට මේ ඉතාමත් වටිනා මෘදුකාංගය ගැන වැටහීමක් ලැබෙන්න ඇති කියලා. ඔබ එක පාරක් හරි මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. එතකොට ඔබට වැටහේවි වෙනස. එහෙනම් පහල ලින්ක් එකෙන් Lastpass වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.

Download Lastpass Password Manager


සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර ගැනීමේ ඉඳලා ඒක බාවිතා කරන ආකාරය සියලු විස්තර සහිතව පහත වීඩියෝ එකේ දැක්වෙනවා. ඉතින් ඔයාලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන පහත වීඩියෝ එක බලලා ඉවර වෙලාම වැඩේ පටන් ගන්නවා නම් බොහොම වටිනවා. තව වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. කිසිම වෙලාවක ඔබ බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එකේ හරි නෝර්ට්පෑඩ් එකක ටයිප් කරලා ඩෙස්ක්ටොප් එකේ හරි ඔබේ පාස්වර්ඩ් සේව් කරලා තියන්න එපා. RAT (Remote Access Tool, Trojan Horse) එකක් වැරදීමකින් හරි ඔබේ පරිගණකයට රිංගුවොත් එක ක්ලික් එකෙන් ඔබේ වෙබ් බ්‍රවුසර් වල සේව් කරලා තියෙන පාස්වර්ඩ් හා ඔබේ හාර්ඩ් එකේ සේව් කරලා තියෙන ඩේටා RAT එක හදපු පුද්ගලයට ලබා ගන්න පුලුවන්. ඒවා ගැන වැඩිය මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නෑ.

Lastpass Screencast Training Tutorial



මම හිතනවා මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔබට ප්‍රයෝජනයක් උනා නම් මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා මෙම්බර් කෙනෙක් වෙලා (අර දකුනු අත පැත්තෙ උඩින් තියෙන්නෙ ජොයින් සයිට් කියන එක) මේ ලිපිය ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදියට දාලා යන්න.

වටිනම දේවල් දවස් දෙකෙන් ඔබේ නිවසටම ගෙන්න ගන්න කැමති නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න.


එහෙනම් අදට මම ගියා. ආයෙත් වැදගත් ලිපියක් එක්ක සෙට් වෙමු...:)

70 comments:

  1. නියම පෝස්ට් එක මචන්. දාලා බලලම කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  2. තෑන්කූ... තෑන්කූ... කොල්ලනේ කමෙන්ට් එකක් දාලා යන්න නිහතමානී උනාට තෑන්කූ...:) හෙහ්... හෙහ්...

    ReplyDelete
  3. අහා එල එල ගොඩක් වැදගත් .ජය

    ReplyDelete
  4. එළ එළ මචං

    ReplyDelete
  5. වටිනවා මචෝ.......
    තෑන්ක්ස්...

    ReplyDelete
  6. Thanx dude..............

    ReplyDelete
  7. තෑන්ක්ස් මචන්ලා කමෙන්ට්ස් වලට...:)

    ReplyDelete
  8. එල එල thanks!!!!! සයිට් එකේ අලුත් template එක ඔයා හදපු එකක්ද මචං?

    ReplyDelete
  9. elazzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  10. කමෙන්ට් වලට තෑන්ක්ස් කිව්වා ඕං හැමෝටම...:)

    ReplyDelete
  11. එල එල ගොඩක් වටිනවා මචෝ..
    Kamal Arjuna

    ReplyDelete
  12. දාලම බලමු...ස්තූතියි....

    ReplyDelete
  13. දාලම බලමු...ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. දාගෙන බලන්න කොහොමද කියලා...

      Delete
  14. තැන්ක්ස් මචෝ....!!!

    ReplyDelete
  15. Hack meke password koheda save wenne ban? unge server walada? ehma neththam api download karana sofware eken den extenction ekeda?

    ReplyDelete
  16. සේව් වෙන්නෙ උන්ගෙ server වල. ඒ නිසා මැශින් එක ෆෝමැට් කරන්න උනත් අවුලක් නෑ.

    ReplyDelete
  17. ah maru ny.matat pswd gahalama epa wela.meka nam maru man wage lazy mansla ta.thankuu bro

    ReplyDelete
  18. මචං මේක අපේ හාඩ් එකේ විතරක් අප්ඩේට්වෙන එකක් ද?
    එහෙම නම් අපේ හාඩ් එක මොනව හරි උනොත් අපේ පාස්වර්ඩ් නැති වෙනවද?

    ReplyDelete
  19. අසේල අපේ පාස්වර්ඩ් සේව් වෙන්නෙ අපේ කම්පියුටර් එකේ නෙමෙයි. සොෆ්ට්වෙයා එකේ web server වල. ඒක නිසා මැශින් එක ෆෝමෑට් කරත් අවුලක් නෑ. අපි මැශින් එක ෆෝමැට් කරොත් කරන්න තියෙන්නෙ ආයෙත් අලුතෙන් ඔය සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගෙන මාස්ටර් පාස්වර්ඩ් එක දිලා ලොග් වෙන එක. එතකොට ආයෙත් අපේ පාස්වර්ඩ් ගන්න පුලුවන්.

    ReplyDelete
  20. මේක නම් නියම සොෆ්ට් එකක් වගේ. දාලම බලමු. අදයි ආවේ මේ පැත්තට. ජාලයේ මගේ ගමන් මාර්ගය මම ඔන්න මේ පැත්තෙන් දා ගත්තා.

    ReplyDelete
    Replies
    1. දාගෙන බලන්නකෝ කොහොමද කියලා. හරියට වැඩේ අල්ල ගත්තොත් ඔයා ඕක පාවිච්චි කරන එක නවත්තන්නෙ නෑ.

      Delete
  21. machan aththatama facebook hack karana krama thiyada. Ewa success da.

    ReplyDelete
    Replies
    1. හැක් කරන්න බෑ... රවට්ටලා පාස්වර්ඩ් හොරකම් කරන්න පුලුවන්. ෆේස්බුක්, ගූගල් වගේ ඒවා වල අලුත් පහසුකම් නිසා පාස්වර්ඩ් හොරකම් කරත් ලොග් වෙන්න බෑ.

      Delete
  22. mata kiyannakohomada turn on speed fast karanne kiyala hackrish

    ReplyDelete
  23. watinava machan,me soft ekath RAT ekak ekka dunnama,kattiyatama fuck!!

    ReplyDelete
    Replies
    1. ෆක් වෙන්නෙ නෑ මචන්. සොෆ්ට්වෙයා එක ගන්නෙ ඔෆීශියල් සයිට් එකෙන් නිසා. [im]http://www.emotihost.com/glass2/16.gif[/im]

      Delete
  24. එල එල ගොඩක් වටිනවා මචෝ..

    ReplyDelete
    Replies
    1. [im]http://www.glitters123.com/glitter_graphics/Thank_You/Thank-You-Glitters-35.gif[/im]

      Delete
  25. ඉතාමත් අනර්ගයි

    ReplyDelete
  26. එළ මචං. ගොඩක් වටිනවා

    ReplyDelete
  27. එළ මචං..........ගොඩක් වටිනවා

    ReplyDelete
  28. අපි දාපු පාස්වඩ් අමතක වෙලා, වින්ඩෝස් ගියොත් ඕකත් වැඩ නැති වෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නෑ. මාස්ටර් පාස්වර්ඩ් එක මතක තියෙනවා නම් ඕන කොම් එකකින් ඔය සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ලොග් උනාම ඔයාගෙ සේව් කරපු පාස්වර්ඩ් බලාගන්න පුලුවන්.

      Delete
  29. machan, Is this a trusted software that you can 100% guarantee the security..?

    ReplyDelete
  30. Great post machan....! Habai ape password ona ekak Lastpass unta access karanan puluwan neda macho..?

    ReplyDelete
  31. මචන් .. මගෙ FB එකේ ඉන්න යාලුවෙකුව දැන් මගෙ වෝල් එකේ පෙන්නන්නෙ නෑ .. එයාගෙ අනිත් යාලුවන්ටත් එයාව පේන්නෙ නෑලු.
    මොකක් වෙලා ඇති ද ..?
    ආපහු එකවුන්ට් එක ලබාගන්න පුලුවන් වෙයිද ..?
    පේන්නෙ නැති යාලුව දැන් ඉන්නෙ නෙට් නැති තැනක. ඔයාට මේ ගැන උදව්වක් කරන්න පුලුවන් වෙයිද ..?
    උඹට කියන්නෙ නැතුව මේව ඉතින් වෙන කාට කියන්නද ...?

    ReplyDelete
    Replies
    1. මචන් ඒ එකවුන්ට් එක ඩිසේබල් වෙලා ඇති. අයිතිකාරයට ලොග් වෙලා බලන්න කියන්න. ඩිසේබල් වෙලා නම් ගන්න බෑ. සමහර විට ඩීඇක්ටිවේට් වෙලා වෙන්නත් ඇති. එහෙම නම් ලොග් උනාම ඇක්ටිවේට් වෙයි.

      Delete
  32. ස්තූතියි මචන් ... එයා ආවම එහෙම කරල බලමු.
    ඕව ඉබේම ඩිසේබල් වෙනවද බං ..
    ඇත්තටම හැක් කරල නම් .. ඒක කරපු එකාව හොයාගන්න පුලුවන් වේවිද ..? [උඹ ගාව ක්‍රම සහ විධි තියේවි නෙ ]
    මේ වෙලවෙ මට උදව්වක් විදිහට කරල දෙන්න පුලුවන් වේවි නේද ...?

    ReplyDelete
  33. කොලිටිය පට්ටෙටම......
    සුපිරියි...........
    ඇඩෙනවා........................................................................................................................................................................................................................................................................
    hacka අයියේ තැන්කුයි ඇහ්

    ReplyDelete
  34. thanx hacka අයියේ................... ......................................................................................................... .................................................................................................................................................................................................................................................................................................................................................................................................
    මේකනම් මට ලොකු උදව්වක්

    ReplyDelete
  35. හැකර්ලාගෙන් බෙරෙන්නම් මෙකෙන් බැහැ නමුත් ඉතින් පාස්වඩ් එකක් මතක තියාගන්න බැරි පොරක්ට මරු ...

    ReplyDelete
  36. fatta soft aka bro.. mata godhak wadagath una.. thanq muchan

    ReplyDelete
  37. me wage dewal denne ayya vithramai thanx ♥

    ReplyDelete
  38. Thushara CrishanthaJanuary 10, 2013 at 10:53 PM

    මේ කර ගන්නා වූ කුසලානු කර්මයෙන්.... ලබන ආත්මයේදී හෝ මයික්‍රොසොෆ්ට් එකේම ඉපදේවා.... එහි ඉපදී ලංකාවේ අහිංසක අප හට තව තවත් මෙවැනි දේවල් කර දීමට වාසනාව ලැබේවා !!!!!!!

    ReplyDelete
  39. මමත් මේක ඩවුන් කරගත්තා දැන් මමත් සැහැල්ලු ගොවියෙක්...නියමයි අයියේ....

    ReplyDelete