Recent Additions :
Home » » බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්...Part - 02

බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්...Part - 02

{[['']]}
මේ බයෝස් අප්ඩේට් කිරීම ගැන පල කරන දෙවන ලිපියයි. පලමු ලිපිය ඔබ තවමත් කියවා නැත්නම් එය කියවීමට මෙතනින් යන්න. ලිපිය හොඳින් කියවන්න. සියලු කරුනු එකතු කර ගන්න. දැං අපි බලමු දෙවනි පාඩම...

බයෝස් අප්ඩේට් කරන එක ඔයාල කිසි කෙනෙක් ආතල් එකට කරන්න යන්න එපා... මොකද මම මගෙ ගෝල බාලයෙක්ට ඕක කියල දීල මිනිහා මැෂින් එකට වෛරස් ආවමත් බයෝස් අප්ඩේට් කරනවා! ලෙඩක් නැත්තම් කිසිම වෙලාවක බයෝස් අප්ඩේට් කරන්න එපා... එපා... එපා...

දැන් මොනවද මේ කියන ලෙඩ...???
  1. මැෂින් එක බූට් වෙන්න ප‍්‍රමාදයි නම්, ඒ කිව්වෙ කලුපාට ස්ක‍්‍රීන් එකේ ගොඩක් වෙලා වාත වෙවී තියෙනවා නම්...
  2. බයොස් එක ඇතුලට ගිහින් එහෙ මෙහෙ යද්දි හිරවෙනවා නම්...
  3. දිනය වෙලාව සේව් කරත් හිටින්නෙ නැත්තම්... (බැටරි හොඳ වුණත්)
  4. නිතර නිතර පෝස්ට් එරර්ස්... ඒ කිව්වෙ F1 ගහන්න, CPU Error Code කියල වගේ එන අවස්ථාවල්...
  5. රැම් එකේ කැපෑසිටිය හරියට පෙන්නන්නෙ නැත්තම්...
  6. අලුත් Processor එකක් දැම්මාම මැෂින් එක හිටපුගමන් හිරවෙනවා නම්...
  7. මදර්බෝඩ් එකේ විවිධ පොර්ට්ස් Support කරන්නෙ නැත්තම්... ඒ කිව්වෙ අපි හිතමු ඔයා අලුත් කාඩ් එකක් ගැහුවා අයිඩෙන්ටිෆයි කරන්නෙ නෑ... එක්කො  මවුස් කීබෝඩ් හිටපු ගමන් වැඩකරන්නෙ නෑ...
ඔන්න ඔය වගේ ලෙඩ ආවොත් (සමහර විට වෛරස් හා වෙනත් දෝෂ වලටත් මෙහෙම වෙනවා.) ඒවාට හොද අත්දැකීමක් තියෙන්න ඕනි ඉතින් දැනගන්න... ඒක මටවත් කාටවත් දෙන්න බෑ... අභ්‍යාසයම තමා!! ගොඩක් දෙනෙක් මේක දැක්කාම හිතයි අනේ මගේ එකෙත් බයොස් තමා කියල...! නමුත් ඔබ නිවැරදි නොවෙන්න පුළුවන්...! වෛරස් නිසා බයොස් චිපය ආසාදනය වුණොත් සොරි... මොකද ඒක ගොඩදාන්න ෆ්ලෑෂ් කරන්නම වෙන නිසා... කොහොම වුණත් ඇවස්ට් (Avast!) කියන වෛරස් ගාඩ් එක බයොස් චිප් පවා ක්ලීන් කරන්න පුළුවන් තරම් ප‍්‍රබල නිසා බය වෙන්න දෙයක් නෑ...!

මේක කරන එකේ මොනා හරි අවධානමක් තියෙනවද... මම ඇහුවෙ බෝඩ් එක යයිද කියලා වගේ...???

ඔව්...!!! ඇත්ත වශයෙන්ම අවධානමක් තියෙනවා... ඒ කියන්නෙ ඔයා මේක කරන්න කලින් Home Work කරල ඉන්න ඕනි. කස කසා... හොටු හූර හූර... බත් කන ගමන්... බූට් කාල ඉන්න වෙලාවට මේක කරන්න බෑ...! නිරවුල් මනසකින් ඉන්න ඕනි... මම දෙන උපදෙස් තිතට කියවල පිළිපදින්නත් ඕනි... UPS එකක් අනිවාර්යයයෙන් තිබිය යුත්තේය... එසේ නොමැති වුණොත් විදුලිබල මණ්ඩලේ සභාපතිගේ මෑණියන්ට හචින් යන්න පටන්ගන්නට ඉඩ තිබේය...!  මොකද බෝඩ් එකට හානියක් වුණොත් අප්ඩේට් වෙන අතරමගදි...? අනාථ පිණ්ඩිකස්ස විහරති ජේතවනේ...! අවසානයට පරිගණකයේ වෙනත් දෝෂ තිබේ නම් විස‍දගන්න... ඒ ඇයි කියල දන්නවද? සමහර වෙලාවට රැම් එක ලෙඩ දෙනවා... හාඩ් එක බයිල ගහනවා... එහෙම වුණොත් අපරාදේ මහන්සිය...

රෙකමන්ඩඩ් වැඩේ නම් පාටිෂන් 4ම ගලෝල අලුතෙන් පාටිෂන් ගහල. දෙයියනේ කියල වින්ඩෝස් දාලා... සියලුම Drivers දාලා ඉවර වෙලා මේක කරොත් තමා හොඳ...

බලපුවාම මේක කියන තරම් ලේසි නෑනෙ...මාර සීන් තියෙන මෙගා නාට්‍යක් වගේ නෙ!? දැන් කොහොමද බයෝස් දාන්නෙ...??

Methods කීපයක් තියෙනවා.
  1. පැරණි බොඩ් වල ගොඩක් විට මේක කරන්න නම් Floppy Drive එකක් සහ Floppy Diskette හොයාගන්න ඕනි. අද කාලෙ ඒක අමාරැ වැඩක්. මොකද ෆ්ලොපි ඩිස්කට් හොයාගත්තත් වැඩකරන Drive එකක් තමා කේස්... ඔන්න ඔය කාරණාව නිසා තමයි තාමත් මදර්බෝඩ් වල Floppy Port එකක් එන්නෙ.
Floppy Disk එකෙන් පුළුවන් බූට් කරද්දිම දෙන්න.
  1. තව පොඩි Utility එකක් හරහා (විවිධ මදර්බොඩ් සදහා ගැලපෙන යුටිලිටි ටූල් රාශියක් ඇත. හැම එකම හරියන්නේද නැත... කියාදෙමි නිවැරදි දේ හොයාගන්න හැටි...:) මේක කරගන්න පුළුවන් වින්ඩොස් වල ඩෙස්ක්ටොප් එකේ ඉ‍ඳගෙනම. මේක තමයි සරලම වැඩේ.
  2. Online කරන්න පුළුවන් අර වගේම විශේෂ ටූල් එකක් හරහා... ඒක Automatic සිද්ධ වෙනවා... මෙතනදි අපේ ලින්ක් එක Drop වීමේ අවධානම ගැන පොඩි සැකයක් එනවා... ඒත් ඒකෙ සම්භාවිතාව අඩුයි නේද?
ඔක්කොටම කලියෙන් අපි දැනගන්න ඕනි අපේ මදර් බෝර්ඩ් එක මොකක්ද කියලා... බයෝස් වර්ෂන් එක මොකක්ද කියල... මෙන්න මේ ලිංක් පාවිච්චි කරල ඒක හොයන හැටි බලාගන්න. වැඩේ කරන්න කලින් කොල කෑල්ලක මේ හැම දේම සටහන් කරගන්න... මොකද අකුරක්, ඉලක්කමක් එහෙ මෙහෙ වුණොත් ඒකත් කේස් නෙ...

Everest Ultimate, CPU-Z වගේ චූටි ටූල් වලින් මව්පුවරැවේ මොඩලය හොයාගන්න පුළුවන්... මොඩල් එක වගේම වර්ෂන් එකත් ඕනි... වරහන් අස්සෙ (Ver 1.0/Ver 1.1/Ver 2.0) වගේ බෝඩ් එකේ සටහන් කරල තියෙනවා...

හොදම විදිය තමයි බෝඩ් එකට ටෝච් එකක් ගහල බලන එක... පෙළක් බෝඩ් වල මොඩල් එක හොයනවට වඩා හොදයි... පස්ස හපාගෙන මැරෙන එක! එක එක තැන් වල ගහල...!කඩේ උන් ඒක උඩ වොරන්ටි ස්ටිකර් අලෝල...! එක්කො බ්‍රෑන්ඩඩ් බෝඩ් වල මොඩල් එක නෑ...!  MSI වල තියෙන්නෙ MS-7046 වගේ කොඩ් එකක්... පිස්සු පීකුදු වෙන්නෙ ඔය වෙලාවට... හොදම විහිලුව තමයි ගොඩක් යූසර් මැනුවල්, හෑන්ඩ් බුක් ලියන්නෙ සාමාන්‍ය පරිශිලකයන්ට, අපි වගේ පිස්සු යක්කුන්ට තේරෙන්න නෙවෙයි... ඉංජිනේරුවන්ට තේරෙන්න...! ඒකෙ තියෙන ඉංගී‍්‍රසි රැජින වත් දන් නෑ...! එක නිසා Motherboard Manual කියෝ කියෝ කලෙ කන්න එපා... මදර්බෝඩ් එකේ පෙට්ටිය තියේ නම් ගොඩ... ඒත් මොන පෙට්ටිද??

මෙන්න ලින්ක්

http://www.download.com/3000-2086_4-1066
http://www.cpuid.com/softwares/cpu-z.html

දෙවැනි කාරනේ බයෝස් වර්ෂන් එක බලන එක... ඒකත් ලේසිම නෑ... බයෝස් වල System Information වගේ පළවෙනි ටැබ් 2ක කින් එකක තමයි ඕක තියෙන්නෙ. ඊට වඩා ලේසියි මෙහෙම හොයන එක...

System Information!

Click on Start, choose Run and type in msinfo32 This will bring up the Windows System information dialog box.

දැන් අපි දෙයියනේ කියල බයෝස් දාමු... හැබැයි තව දවසකින් දෙකකින්... ලිපි දිග වැඩි නිසා ඊලග එකත් 2ට කඩන්නම වෙනවා යාලුවනේ... එතකොට කොටස් 4යි... මෙහෙම ලියන්නෙ කම්මැලි නැතිව කියවන්නයි. ඕනෑම දැනුම මට්ටමකට තේරෙන්නයි... මටත් පොර ටෝක් දෙන්න තිබ්බා... ඒත් මට ඔයාලව අමාරුවෙ දාන්න බෑ...

මම හිතනවා මේ ලිපි මාලාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි ඉතිරි ලිපි ඉක්මනට දාන්න ඕන කරන ආසාව වැඩිවෙන්නෙ. එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු. ස්තූතියි...
Share this article :

+ Comments + 67 Comments

January 14, 2012 at 1:07 AM

නියමයි.මේවෙලාවේ මේක තේරුම් ගන්න බැහැ ඉඩ පාඩුවේ බලන්න ඕන.

January 14, 2012 at 1:12 AM

හපොයි! මොකෑ මේක මෙච්චර පරක්කු උනේ. පළවෙනිඑක ආයෙත් මතක් කරගන්න වෙනව.

January 14, 2012 at 1:49 AM

meka kela unot apahu parana 1kata yannna puluwanda....

January 14, 2012 at 1:53 AM

Ela, Thanks

Anonymous
January 14, 2012 at 1:54 AM

නියමයි යාලුවා නියමයි.. ඔබට ජය .. මෙක ගොඩක් වටිනවා...

Anonymous
January 14, 2012 at 2:05 AM

Me site1nam exelent! Bohoma watinawa!

Anonymous
January 14, 2012 at 2:18 AM

Wadagath ikmanata anith tikath danna oyata godaaaaaa.....k sthuthi

Anonymous
January 14, 2012 at 4:15 AM

එළ මචන් පින් තමා දෙන්න තියෙන්නේ... අනිත් ටිකත් ඉක්මනටම දාපන් කොල්ලා

Anonymous
January 14, 2012 at 4:21 AM

bios update karaddi light giyoth wage problem ekak awoth mokada machn wenne?

January 14, 2012 at 4:32 AM

Gook Work

January 14, 2012 at 5:12 AM

තැන්කූ වේවා...

මගේ පරණ මැෂින් එකට වින්ඩෝස් xp දානකොට Installing network කියන හරියෙදි හිටිනවා හොල්ලන්න බැරිවෙන්න අළුත් හාඩ් එකක් ගැහුවත් හරිගියේ නෑ පස්සේ ඕක හදන්න දුන්නාම ඒකේ බයෝස් අප්ඩේට් නෑල්ලු ඒ නිසා හදලා වැඩක් නෑල්ලු අළුත් බෝඩ් එකක් 3000ට දෙන්නම්ලු මාර බයිලා ඒක BIOSTAR බෝඩ් එකක් ඒක ඔන් වෙද්දි ලස්සන තණකොල පිට්ටනියක් ෆොටෝ එකක් වැටෙනවා BIOSTAR කියලා ගහපු....එහෙම බෝඩ් වලට අප්ඩේට් එන්නේ නැතුව තියෙනවද??? ආ ඒකේ ප්‍රොසා 3.00 මොකද කරන්නේ අයියේ

උබුන්ටු ලයිව් සීඩී එකෙන් බූට් කරන්න පුළුවන් රොම් දෙකක් සෙට් කරන් වැඩ කරන්නත් පුළුවන් පැයක් විතර හැබැයි උබුන්ටු ඉන්ස්ටෝල් කරන්න ගියාම හිරවෙනවා..

විසදුමක් දෙන්න පුළුවන්දෝ පුළුවන්නම් ලොකු උදව්වක් ඊලග ලිපිය එනකන් දින ගනිමි...ජය වේවා

January 14, 2012 at 9:10 AM

BioS කසුන් :D :D

Dimuthu
January 14, 2012 at 9:58 AM

Niyamai Aiya ethuru tikath Lagadima Denakan Balagena Ennawa, By the way Post aka godak vedagath akak .

කසුන්
January 14, 2012 at 9:57 PM

බෝඩ් පරණ වෙද්දි අප්ඩේට් නවත්තනවා... අනික ගැමියා කියල බෝඩ් එක බයොස්ටාර් මුල්ම යුගයෙ එකක්..නමුත් ඔයාගෙ ලෙඩේට හේතුව බයොස් නම් නෙවෙයි..ඒ බොඩ් එකට වින්ඩේස් දානන් කලිං සියලුම ඔන් බෝඩ් හාඩ් වෙලා බයොස් එකෙන් ඩිසේබල් කරල වින්ඩොස් දානන්..පස්සෙ එක එක බල බල එනෙබල් කරනන්.ත.ලෙඩේ ඇත්තෙ බොහොවිට නෙට්වර්ක් කාඩ් එකේ..

January 14, 2012 at 10:32 PM

නියමයි යාලුවා නියමයි

January 15, 2012 at 8:47 AM

බොහොම ස්තුතියි හැක්රිෂ් අයියා.ආ ලිපිය නම් නියමයි,"""" ... බයෝස් වර්ෂන් එක මොකක්ද කියල... මෙන්න මේ ලිංක් පාවිච්චි කරල ඒක හොයන හැටි බලාගන්න. වැඩේ කරන්න ......
ඒත් කෝ ඉතින් ලින්ක් ????

Anonymous
January 16, 2012 at 2:53 AM

ube ammata hukapan ponnaya

January 16, 2012 at 4:41 AM

දිනය වෙලාව සේව් කරත් හිටින්නෙ නැත්තම්... (බැටරි හොඳ වුණත්)
නිතර නිතර පෝස්ට් එරර්ස්... ඒ කිව්වෙ F1 ගහන්න, CPU Error Code කියල වගේ එන අවස්ථාවල්...

//
1.රැම් එකේ කැපෑසිටිය හරියට පෙන්නන්නෙ නැත්තම්...

2.අලුත් Processor එකක් දැම්මාම මැෂින් එක හිටපුගමන් හිරවෙනවා නම්...

3.මදර්බෝඩ් එකේ විවිධ පොර්ට්ස් Support කරන්නෙ නැත්තම්... ඒ කිව්වෙ අපි හිතමු ඔයා අලුත් කාඩ් එකක් ගැහුවා අයිඩෙන්ටිෆයි කරන්නෙ නෑ... එක්කො මවුස් කීබෝඩ් හිටපු ගමන් වැඩකරන්නෙ නෑ...
//

මේ අවුල් ටික තියෙනවා..මම හිතන්නෙ බයොස්..ඔයා හිතන්නෙත් ඒකමද??

January 16, 2012 at 4:42 AM

මට උඩින් ඉන්න ඇනෝටත් මට කියන්න තියෙන්නෙ එයා කිවුව එකම තමා :D

January 16, 2012 at 5:37 AM

නියමයි. ඉලග පොස්ට් එක එනකන් බලන් ඉන්නේ.

January 16, 2012 at 10:05 PM

ඉතුරු ‍‍ටිකත් ඉක්මනට දානව ද?

Anonymous
January 23, 2012 at 7:58 PM

මෙකනම් මචෝ සුපිරිම වැඩක්. දිගටම කරගෙන යන්න. ජය වේවා..!!

January 27, 2012 at 1:27 AM

ela..
part 3 th ikmanatama dannako....

January 28, 2012 at 2:34 AM

එල එල ... දිගටම ලියන්න. ඔබේ දැනුම සහ හැකියාව පැරදවිය නොහැකියි මෝඩ කමෙන්ට්ස්වලට. ධෛර්යය අරගෙන ලියන්න දිගටම.

Anonymous
February 1, 2012 at 3:35 AM

ඇයි ඔච්චර ආඩම්බර ඉක්මනට තුන්වෙනි එක
දාන්න ..

Anonymous
February 1, 2012 at 9:13 AM

Thanx Thanx Thanx Thanx Thanx

hesha
February 2, 2012 at 12:55 AM

part 3 ikmanata dandakooo..

madura@a
February 3, 2012 at 11:39 PM

අනේ හැකෝ part 3 ඉක්මනට දාපන්කෝ මචෝ.

February 7, 2012 at 7:35 AM

niyama wadak hakooo

mama tharaka
www.gamedroidlk.com

Anonymous
February 7, 2012 at 10:15 PM

අනේ බං කෝ...ගොඩක් දවස් ඉඳල බලන් ඉන්නෙ

February 13, 2012 at 6:06 AM

යාලුවා.මම අලුත් බෝඩ් එකක් ගැහුවා. ඒකට ගැහුවෙ මගෙ pentium 4 HT[LGA 775] processor එක. දැන් ඔන් කරද්දි හැම වෙලාවෙම බීප් සවුන්ඩ් එකක් එනවා.එත් on කරලා වැඩ කරන්න පුලුවන්. සමහර වෙලාවට ස්ට්‍රක් වෙලා ඩිස්ප්ලේ නැතුව යනවා.මේක හරියයිද? please help me.

February 13, 2012 at 8:10 AM

part 3 ඉක්මනට දාපන්කෝ මචෝ.

Anonymous
February 14, 2012 at 10:19 AM

me oka ikmanata daamuda?
update karanna try karanna gihin kattiya wena post hoyala naa ganna kalin... :D

Anonymous
February 17, 2012 at 10:10 AM

thanx & pin

Anonymous
February 29, 2012 at 11:43 PM

thankzzz a mekata.eth podi awlak. run eken karana wede terenne ne. ekath next eken kiyanna. mekata comment danna. anonymous nati wa wena kramayak kiyala denawada mata ewa terenne ne plz. madhawasuranga@gmail.com

Anonymous
March 5, 2012 at 12:09 AM

නියමයි

Anonymous
March 7, 2012 at 3:28 AM

කෝ අනිත්‍ ඒව ඉක්මනට දාන්ඩෝ

March 13, 2012 at 9:43 PM

EKANAM niyamai yaluwa eth anith post ekath ikmanata danna......

March 16, 2012 at 7:07 AM

part 3 ko ban

March 19, 2012 at 9:25 PM

ගොඩාක් වැදගත්... ඔබට ජයවේවා

Anonymous
April 2, 2012 at 1:46 AM

ko meake 3n weni eka??? ikmanata dandooo....

Anonymous
April 8, 2012 at 11:08 AM

ko ituru tika

Anonymous
April 10, 2012 at 6:47 AM

meka 2 kuwata meka 1ne affa

Anonymous
April 18, 2012 at 5:21 AM

koooo.... bn ithiri tika...
dawas 2i kiwwata dan 2 month gihin bnz...

Anonymous
April 21, 2012 at 4:51 AM

machan aiye ane ikmanta dannawanam loku pinak

June 3, 2012 at 12:11 AM

මනෝරමයෝ.....ඉතිරි ටික ලියන්නේ කවද්දෝ???????????

September 13, 2012 at 11:30 PM

Ko part 3.?

September 13, 2012 at 11:33 PM

ඉතිරි ටික කෝ.........?

Anonymous
September 20, 2012 at 11:03 AM

I constantly emailed this website ρoѕt page to all my associatеѕ, since
if likе to гead it thеn my contacts will too.
Take a look at my web site - Terry Sawyer

January 6, 2013 at 8:44 AM

part 3 thama nedda

January 6, 2013 at 8:45 AM

part 3-4 danne kawadda

January 6, 2013 at 8:46 AM

part 3-4 danne kawadda

January 6, 2013 at 8:49 AM

part 3-4 danne kawadda

January 6, 2013 at 6:27 PM

ithiri tika dammoth mokada

January 26, 2013 at 10:02 PM

elane aiya..... oyage web eka okkoma dewal mama mage fb group ekata set kara magenuth podi hlp ekak oyata onna.

March 19, 2013 at 8:25 PM

මටත් මේ වැඩේ ඇණයක් වෙලා තිබුනේ.දැන් ට්‍රයි කරල බලන්න ඕනේ.

March 19, 2013 at 8:28 PM

මටත් මේක ඇණයක් වෙලා තිබුනෙ.දැන්වත් ට්‍රයි කරල බලන්න ඕනේ.නියම පොස්ට් එකක්.

March 19, 2013 at 8:29 PM

මටත් මේක ඇණයක් වෙලා තිබුනේ.දැන්වත් ට්‍රයි කරල බලන්න ඕනේ.නියම පොස්ට් එක.

March 19, 2013 at 8:30 PM

niyamaai.danvath hariyaida kiyala balanna one.

March 19, 2013 at 8:34 PM

niyamaai

May 18, 2013 at 11:12 PM

1 beluwa 2 hodai 3-4i lagadima dennooo >>>>>>>>>>>>>thanks dr sir

August 12, 2013 at 9:33 AM

3-4 thawama naththe ai????

October 26, 2013 at 5:18 PM

Laptop වලත් මේ විදිහට BIOS update කරන්න පුලුවන්ද....?

March 15, 2014 at 9:25 AM

patta.....! patta..........!

March 15, 2014 at 9:27 AM

patta.....! patta..........!

January 15, 2016 at 9:10 AM

ගොඩාක් වැදගත්... ඔබට ජයවේවා

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-