Recent Additions :
Home » » බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්...Part - 01

බයෝස් අප්ඩේට් කිරීම සරල සිංහලෙන්...Part - 01

{[['']]}
මේක මහ දිග කතාවක්... අපි මෙහෙම පටන් ගනිමු... කොහොමද?? මොකක්ද මේ බයෝස් කියන්නේ??
In IBM PC compatible computers, the basic input/output system (BIOS), also known as the System BIOS or ROM defining a firmware interface.

ඕක තමා විකී අයියා අපිට කියන කතාව... ඒ කිව්වෙ මේක සාමාන්‍ය චිප් එකක්...  එක ඇතුලට පොඩි DOS බේස්ඩ් වැඩසටහනක් ඒ කිව්වෙ ෆර්ම්වෙයාර් එකක් දාලා තියෙන්නෙ... ඕකෙන් මැෂින් එක අනික් පැත්ත ගස්සවන්න පුළුවන්.!

ඒ ‍Programme කරපු චිප් එකේ වැඩසටහන විවිධ ආයතන මගින් වෙනස් වෙනස් විදියට ලියනවා.. එහෙම වුණාම එක එක මදර්බෝඩ් වල පහසුකම් අඩු වැඩි වෙනවා... වගේම සරල - සංකීර්ණ Configurations ඇතිවෙනවා...

ප‍්‍රධාන බයෝස් වෙනඩර්ස් ලා, ඒ කිව්වේ එක එක මදර්බෝඞ් වලට චිප් එකට වැඩසටහන ලියන ආයතන..

American Megatrends (AMI),
Award Software
Phoenix Technologies
Phoenix has now phased out the Award Brand name. General Software, which was also acquired by Phoenix in 2007, sold BIOS for Intel processor based embedded systems.

මුන් තමයි දැනට ඉන්න වැඩ්ඩො...

දැන් මොන මදර්බෝඩ් කොම්පැණි වලටද මෙයාල එයාගෙ සේවය සලසන්නෙ...

ASUS, INTEL, MSI, GIGABYTE, ASROCK, MURCURY, ABIT, BIOSTAR, A-Open, DELL, Matsonic, Compaq, ECS

මේවා තමයි මම ලංකාවේ දැකපු බෝඩ් වර්ග...

ඉතින් දැන් කතාව මෙහෙමයි.. මේ හැම බෝඩ් එකකටම මෙයාලා බයෝස් ලියනවා.. හැබැයි බෝඩ් මොඩල් එකෙන් මොඩල් එකට වෙනස්..! මැනුෆැක්චරර් ගේ ඉල්ලුමට සරිලන විදියට තමයි චිප් එක ලියන්නෙ.. මේක EEPROM එකක් නිසා අපිටත් අපේ නම් දාලා අලුතෙන් Programme එකක් ලියන්න පුළුවන්. අපි එහෙම ලියල තියෙනවා.. ඒකට රොබෝටික්ස් ගැනයි ඩිජිටල් ඉලෙක්ටොනික් ගැන දැනුමක් ඕනෙ. පිටකොටුවේ හදාපු Programmer තියෙනවා. IC එක අනුව අරං කරගන්නත් පුළුවන්... ඒ බයිලා ඔයාලට වැඩක් නෑ... ආයෙත් මාතෘකාවට එමුකො...

දැන් මේ බයෝස් එකේ වෙන්නෙ... මදර්බෝඩ් එකේ තියෙන විශේෂාංග - පහසුකම් ඇති-නැති කරන්න, ඒ කිව්වේ Enable, Disable කරන්නයි, විවිධ ක‍්‍රියාකාරකම් වලට අදාල සෙටින්ග්ස්,  ඕවර් ක්ලොක් කිරිලි, බූට් වෙන මාධ්‍යය තෝරන්න, දිනේ වේලාව හදන්න, අනවශ්‍ය පහසුකම් අයින් කරන්න වගේ දහසක් දේවල් මේක ඇතුලේ කරන්න පුළුවන්... සමහර බෝඩ් වල බයෝස් එක සරලයි... ගේමර් බෝඞ් වල බයෝස් එක දැක්කාම ඔලූව කොලොප්පං වෙනවා..

මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට දැනට තියෙන සරලම හා පහසුම බයෝස් වැඩසටහන තමයි Award Bios! සමහර ඒවගේ සෙටින්ග්ස් හදන්න ගියාම නාන්න වෙනවා... මොකද එක එක ඒවගෙ එක එක තැන්වල තමයි මේ සෙටින්ග්ස් තියෙන්නෙ... අනික සමාගමෙන් සමාගමට වචනත් වෙනස්. එකෙක් කියනවා First Boot Device අනිකා  Boot Sequence තව එකෙක් Boot Device Priority ගොඩක් විට ඉන්ටෙල් වල Start up Sequence බ්‍රෑන්ඩඩ් මැෂින් වල... ඉතින් පෙළක් විට මේක හොයනකොට මල පනිනවා... ඔන්න ඕකයි පුතේ පුල්මුඩේ තත්වේ!!

ඉතින් මේ බයෝස් සංස්කරණ වල වෙනස්කම් මොනවාද ??

අපි හිතමු සුප‍්‍රකට ඉන්ටෙල් පර්ල් 478 සොකට් බෝඞ් එකයි, ෆෝක්ස්කොන් G31-MX වගේ ගමු. දැන් ඉස්සෙල්ලාම නිකුත් කරපු D845 Perl ‍බෝඩ් එකේ 2.2 Processor එක විතරයි... නමුත් අන්න බයෝස් අප්ඩේඩ් කරාම 3.0GHz 1M  Processor එකත් ගහන්න පුළුවන්.
හැම පහසුකමක්ම වැඩි වෙනවා.

තවත් දෙයක්....
සමහරැ කම්ප්ලේන් කරනවා අහවල් අහවල් දෝෂ තියෙනවා මේ බෝර්ඩ් එකේ කියල බෝඩ් එක හදපු කොම්පැණියට... උන් කරන්නෙ ලේඩේ ඇත්තනම් අලුතින් බයෝස් අප්ඩේට් එකක් ලියනවා...
ඒක සයිට් එකට දානවා බා ගන්න පොඩි විස්තරයක් එක්ක මෙන්න මේකටයි මේ බයෝස් පැච් එක දැම්මෙ කියලා... ඒ වගේ අවුරුද්දක දෙකක කාලෙකට අලුතින් සංස්කරණ ගොඩක් එනවා...

මෙන්න මේ වගේ... අපි හිතමු බෝඩ් එකක් තියෙනවා 667MHz රැම් විතරයි සපෝට් කියලා... ඒකේ බයොස් වර්ෂන් එක 2.06.5 (547) වගේ කියල හිතමු. වර්ෂන් එක බලාගන්න හැටි ඊලග ලිපියෙන්... ඉතින් බෝඩ් එක අරන් අවුරුද්දකින් විතර අදාල සයිට් එකට ගියාම දකින්න පුළුවන් අලුත් බයෝස් අප්ඩේට් එක 800MHz Ram සපෝට් කරන!! මොකද ඒ වෙනකොට කඩේ 667 මෙමරි නැති නිසා මිනිස්සුන්ට මේක අප්ඩේට් කරන්න වුවමනා වෙනවා... මොකෑ බෝඩ් එක විසික් කරන්නද?? අපි වගේ හිඟන්නන්ට කොහේ තියෙන සල්ලියක්ද??  ඔන්න ඉතින් එහෙම අප්ඩේට් කරල 800 රැම් ගැහල අවුරැද්දක් විතර දුවද්දි එනවා වින්ඩෝස් විස්ටා වගේ මල ජරාවක්!! වීඩියෝ එඩිටින් කරන එකෙක්ට මේ වගේ මරණයක් සෙට් වෙන්නෙ නැතිව ඇති විස්ටා වගේ... දැන් අපි හිතමු මිනිහා 2GB රැම් පාවිචිචි කලේ කියල... එයා ඒක 4GB කරන්න ගියාම බෝඩ් එක සපෝට් කරන්නෙ නෑ... ඉතින් ඇඬෙනවා!! ආයෙත්  ගිහින් වෙබ් එකේ බලපුවාම රැම් අයිඩෙන්ටිෆයි කරන එක අප් වෙලා ඒ කියන්නේ 4GB වගේ සපෝට් කරන පැච් එක ඇවිත්... ඔන්න දැන් වැඩේ ගොඩ!!

අන්න ඒකයි බයෝස් ගැන දැනගෙන අප්ඩේට් කරන් එකේ වාසිය... අලුත් බෝඩ් නොගෙන තියෙන එකෙන්ම ගේම ගහන්න පුළුවන්...

මේක ලිපි 4ක්!! මොකද දිග වැඩි නිසා... ඊලඟ එකෙන් ඡායාරූප, බයෝස් ලෙඩ අදුරගන්න හැටි, ඒවාට පිළියම්, බයෝස් වර්ෂන් හොයන හැටි, බයෝස් අප්ඩේට් කරන ක්‍රම, ඒවට පාවිච්චි කරන උපක්‍රම අවශ්‍ය දේවල් ඔක්කොම පස්සෙ දෙන්නම්...

මම හිතනවා මේ ලිපි මාලාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා කියන්න. මොකද ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි ඉතිරි ලිපි ඉක්මනට දාන්න ඕන කරන ආසාව වැඩිවෙන්නෙ. එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු. ස්තූතියි...
Share this article :

+ Comments + 77 Comments

May 14, 2011 at 5:37 AM

නිහම ලිපියක් සෙහෝ. නොදන්න ජාති ගොඩක් ඉගෙන ගත්තා. ඉතිරි ලිපි ටිකත් එනකම් බලාගෙන එන්නවා. බොහොම ස්තූති මෙවැනි ලිපියක් පළ කිරීම පිළිබඳව. තව තව ශක්තිය දෛර්ය ලෑබේවා........!!!!!

May 14, 2011 at 5:50 AM

එල.. ඔන්න මගෙන් comment එකක් ආසාව වැඩි කොරගෙන ඉක්මනින් අනිත් ටික දැම්මනං.....
මෙගෙ මදර් බෝඩ් එක සප් කරන්නෙ core2 quad එනකන් විතරයි ඕකෙන් බැරිද core i වලට හදාගන්න?

May 14, 2011 at 5:52 AM

එලමයි සහෝ.. දෙක එනතුරු මග බලා සිටිමි :D

May 14, 2011 at 6:22 AM

එලම තමයි මිස්ට හෑකෝ....
:)

May 14, 2011 at 6:46 AM

Eladath kiyala ahanawwa. Niyamamma niyamai. Where is the 2nd part

May 14, 2011 at 6:50 AM

මෙන්න සබන්... ජය වේවා... අපේ කොල්ලෝ දෙන්නටම...

May 14, 2011 at 7:11 AM

මමත් ඔයාට mail එකක් දැම්ම bios update ගැන කියල දෙන්න කියල.. thank....... ඔයාට අයියෙ... ඔයාට ජය...

මෙම ලිපි පෙලට පූර්න ස්තූතිය කසුන් සොහොයුරාට හිමි විය යුතු බව කරුනාවෙන් සලකන්න.

https://www.facebook.com/ksnmweerasinghe

කසුන්
May 14, 2011 at 7:58 AM

චතුර, ඔයාගෙ එක core i3 කරන එක බයොස් අප්ඩේට් එකකින් බෑ. හේතුව තමයි LGA 775 & LGA 1150 කියන්නෙ සම්පූර්ථයෙන්ම වෙනස් ආකෘති 2ක් නිසා!

May 14, 2011 at 8:00 AM

BIOS කියන්නේ DOS බේස්ඩ් වැඩසටහනක් නෙමෙයි.. පෙනුම ඩොස් වගේ නිසා වැරදියට වටහා ගන්න එපා. අද කාලේ 256 colors එක්ක Terminal font එක දැක්ක ගමන් හැමෝම කියන්නේ DOS කියලා. ඒක වැරදියි.

ලිපිය ගොඩක් හොඳයි.. ඉතුරු ටිකත් ලියන්න. :)

May 14, 2011 at 8:23 AM

pattene machoo...

eunata kohomada api baios download karanne...

Anonymous
May 14, 2011 at 8:53 AM

ඉතාම හොද ලිපියක් ගොඩාක් වටිනවා.

කසුන්
May 14, 2011 at 9:21 AM

කණිෂ්ක කිව්ව වගේ මේක ඍජුවම ඩොස් පාදක කරගත්ත වැඩසටහනක් නෙවෙයි..නමුත් පාඨකයන්ට පැහැදිලිව ඒත්තු ගැන්වීමට නම් එයාලට තේරෙන භාෂාවෙන් ලියැවෙන්න ඕනි.. වින්ඩෝස් පාරිසරිකයේ ඩොස් හැසිරවීම ගැන ලගදීම දීර්ඝ ලිපියක් දානව.. හැමෝගෙම උදව් ඕනි. ඉදිරි ලිපි කියවල කරැණාකර අඩුපාඩු කියන්න..ඒවා දැනටමත් Online Help ගෘප් එකේ පළකරල ඉවරයි. මොකද අපි මේක ජාතික තලයට ගෙනිහින් දැනුවත් කරන්න ඕනි කාරණා.

Dammika Basnayaka
May 14, 2011 at 9:43 AM

Machan eka kiri niyama anith letter tikath dapan Good luck

Dammika Basnayaka

May 14, 2011 at 10:10 AM

thx brooooooooooooo......niyamaiiiiiiiii...nxt episode eka enakan balan inne

අසේල
May 14, 2011 at 10:12 AM

මෙකනම් ඉතාමත් වටින ලිපියක් වල් බූත ආදර කතාවලට වැඩිය.අපි මග බලන් ඉන්නව ඉතිරිය එනකන්.හුඟාක් ස්තූතියි සහෝදරයා.

May 14, 2011 at 10:35 AM

patta lipia ban thx

May 14, 2011 at 10:43 AM

ela , Superb!!! waiting for next post :D

May 14, 2011 at 11:40 AM

උඹේ වැඩ සුපිරියි නොවැ.ඉතුරු ලිපි ටිකත් මේ විදියටම පැහැදිලිව දාපන් මලේ.

May 14, 2011 at 12:21 PM

නියම වැඩක් මචං. දිගටම කර‍ගෙන යන්න. ජය වේවා!

May 14, 2011 at 9:18 PM

නියමයි උත්සහ කරල බලන්න ඕනා

May 15, 2011 at 12:10 AM

අතිශය වැදගත් මචෝ.... වෙනත් බ්ලොගර් ලා ලිපිනම් මහා පාඩම් වගේ පටන් ගන්නවා අන්තිමට පටන් ගත්තේ මොකක්ද කියලත් මතක නෑ...
ඒ වගේ නැතුව ඉවරයක් වෙන්නම ලියන්න.

May 15, 2011 at 1:25 AM

ඕනිම බයෝස් අප්ඩේට් එකක් කරන්න කලින් අපට warning එකක් දෙනවා. ඒ තමයි බයෝස් අප්ඩේට් කිරීම අත්‍යවශ්‍ය නැත්නම් කරන්න එපාය කියල.

nishanthamoto
May 15, 2011 at 10:35 AM

ohoma yan,ohoma yan.

අම්මෝ... බයෝස් අප්ඩේට් කියද්දිත් ඇඟ කිලිපොලා යනව. දැනට මාස කීපයකට උඩදි මගේ Foxcon G31 බෝඩ් එකක් තියන ඩෙස්ක්ටොප් එකේ බයෝස් අප්ඩේට් කලා. ඔක්කොම වැඩ ටික වේගන ඇවිත් ඉන්ටෝල් වෙන එකේ අවසාන හරියෙදි හිර වුනා නොවැ. මම ඉතින් දැන් මේක රීස්ටාර්ට් කලොත් බඩු බනිස් වෙන බව දන්න නිසාම පැය 4 විතර ඔහේ දාල තිබ්බ. හරිගියේ නෑ. බැරිම තැන රීස්ටාර්ට් කලා. බඩු බනිස්. ඉක්මනට බැලුවා මැශින් එකේ ඉන්වොයිස් එක අරගන. වොරන්ටි පැනලා මාස දෙකක් විතර වෙනව. පස්සෙ ඉතින් අලුත් බෝඩ් එකක් දාන්න 7000 විතර ගිය එක විතරයි වුනේ. ඒක නිසා කිසිම කෙනෙක් හරියටම නොදැන මේක කරන්න ගිහින් පොකැට් එකට තට්ටු කරගන්න එපා කියල අවවාද කරනව

May 15, 2011 at 8:18 PM

best, ithuru lipitikath liyanna

Anonymous
May 16, 2011 at 10:52 PM

ෆ්‍රෙන්ඩා පට්ට ලිපිය,ඉතුරු ටික එනකන් බලන් ඉන්නවා

May 17, 2011 at 5:26 AM

Niyamai...anit ekat ikmanatama danna...

May 18, 2011 at 10:05 AM

හොඳ ලිපි පෙළක්.... ස්තූතියි මල්ලි.... ඉතුරු ටික එනකම් බලාගෙන ඉන්නෙ ...

May 19, 2011 at 1:32 AM

ෆට්ට ඇ... දිගටම කරගෙන යන්... හොද දැනුමක් ලැබෙනවා...

Anonymous
May 19, 2011 at 10:34 AM

maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

May 19, 2011 at 12:27 PM

එලකිරි මචන් දිගටම කරගෙන යමු

බොහොම ස්තුතියි, මාර ලිපියක්! කිව්වත් වගේ අපි බයොස් අප්ඩේට් කරන්න ගිහින් හිර වුනොත් මොකද කරන්නේ? Default settings වලට ගන්න විදිහක් තියෙනවද? ඒ වගේම තමයි DOS ගැනත් ලිපියක් පුළුවන් තරම් ඉක්මනින් දාන්න.
(කලින් කමෙන්ටුව ඉවත් කළේ, ඉංග්‍රීසි වචන ටික දාන්න කලින් පෝස්ට් කිරීමෙන් අර්ථය විකෘති වූ නිසා බව කරුණාවෙන් සලකන්න.) :)

May 21, 2011 at 6:03 PM

ෙදන්න තිෙයන්ෙන පිං විතරයිෙදන්නටම... අෙන් කවුරැහරි දන්න ෙකෙනක් ඉන්නවනම් මට කියා ෙදන්නෙකා ෙමන්න ෙම් ෙලෙඩ් හදාගන්න ක්‍රමයක්!! ෙකාම්බුවත් ඒක්ක බම්බුවක් වදිනව.. මෙග තිෙයන්ෙන වින්ෙඩාස් 7!!

නියම ලිපියක් මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

Anonymous
May 27, 2011 at 12:24 AM

meken igena ganna godak dewal thiyenawa ban.ela ela..............

May 31, 2011 at 11:14 PM

bios ගැන නියමෙටම දීලා තියෙනවා..

June 4, 2011 at 11:01 PM

ගොඩක් හොදයි. තවත් දේවල් කියා දෙන්න. තෑන්ක් U...

June 5, 2011 at 1:23 AM

මේ වගේ දේවල් ගොඩාක් අය ඉගෙනගන්න ආසයි.(මමත් එහෙමමයි). දිගටම කරගෙන යන්න.

Anonymous
June 5, 2011 at 3:45 AM

elazzz

Anonymous
June 6, 2011 at 10:00 AM

2 වෙනි එක දාන්නැද්දො................. :(

June 8, 2011 at 8:30 AM

නියමයි

Anonymous
June 19, 2011 at 5:53 PM

නියමයි නියමයි....

June 20, 2011 at 1:06 AM

ඇත්තටම වැදගත් ලිපියක්. බයෝස් සෙටින්ග්ස් වලින් සියල්ල කරන්න අමාරුයි නේද?
මැෂින් එකක් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් හාඩ්වෙයාර් ප්‍රොෆෝමන්ස් වලින් විතරක්ම නොවෙයි.
‍සොෆ්ට්වෙයාර් ප්‍රොෆෝමන්ස් වලින් මැෂින් එකක් අප්ග්‍රේඩ් කරන්න පුලුවන්.ඒ අතරින් වැදගත්ම ‍සොෆ්ට්වෙයාර් එක තමයි සීමොස් එක.ඹ්වර් ක්ලොක් කරන්න වුනත් පුලුවන්නෙ.ඒත් පරිස්සම්න් තමයි සීමොස් එක අප්ඩේට් කරනකොට පවර් කට් වුනොත් සොරි තමා.මේක ෆර්ම්වෙයා එකක්.මේ ගැන දැනුවත්කල ඹබට ස්තුතියි....

Anonymous
July 15, 2011 at 2:50 AM

mage pc aka acer exensa destop pc akak mata aka 1gb ram aka 3gb kara ganna ona ath akata bios sahaya dakwanwada kiyala man danne nea aka kohomada bala ganne

Anonymous
October 2, 2011 at 3:14 AM

niyaMI watinawa hodatama..ikmanata anit ekath danna

කිරි පුතා
October 25, 2011 at 1:19 AM

කෝ මේකේ ඊලග part එක ..................?????????????????

October 28, 2011 at 6:08 AM

meke anith tikath mekatama link karanna..niyama wedak.......bohoma sthuthi kasun ayyatai, hackrishtai.......

Anonymous
November 11, 2011 at 7:41 PM

maka gana melo deyak danne nathuwa hitiye thnq anith tikath ikmanata danna

January 13, 2012 at 11:54 PM

computer 1k ka pass word (login password) kadanne kohomada...

එල එල ඔය කසුන් මගේ ප්‍රෝෆයිල් එකේ කලින් උන්නා.. කොහොම උනත් ජවේවා වැඩේ එල...!!

January 14, 2012 at 12:00 AM

Ela Macho

January 14, 2012 at 12:25 AM

මගේ මැසින් එක වෙලාවකට පව බටන් එක එබුවට ඔන් වෙන්නෙ නැ පලග් එක ගලවල ගැහුවහම ඔන් වෙනව. බයෝස් අප් ඩෙට් කලෝත් හරියයිද.

January 14, 2012 at 4:20 AM

mata nam mokuyh therune naa, mama oua dannena.. ayye.........

January 14, 2012 at 5:36 AM

macho.. boru kiyanna epaban ...
monawa unath uba niyama vada karayek ay eke 2k naa
magen suba pathum
mama enne anunge sayt eka kin ubata MAGEN SUBA PATHUM!

gedara tv eka kadilanam hako dutunodutu eken tv onling balapan patta athal ban...

January 14, 2012 at 10:59 AM

machan maga usb slow wala pen akata film akak yanna vinadi 40 withara gannawa issara giya 2 min.ai danna nadda a

January 14, 2012 at 10:24 PM

නියම වැඩක් මචං. දිගටම කර‍ගෙන යන්න. ජය වේවා!

January 15, 2012 at 5:51 PM

හැකා අයියේ මං මුලින් හිතාගෙන හිටියේ අර උඩ කෝච්චියේ ඉන්න ෆොටෝ එක ඔයාගේ කියල.මේ ඔයාගේ ෆොටෝ එකකුත් දාන්නකෝ.මොකද අපේ අය කැමතියි මේ වැඩකාරයා කව්ද කියල දැනගන්න.හොඳ ලිපියක්.

හැකා අයියේ පොඩි අවුලක් තියනවා ඔය BIOS UP DATE කරපුවහම හිතමු මගේ on board VGA දෙන්නේ අන්තිම 64mb කියල එකිවේ RAM එකෙන් 64MB VGA එකට දෙන්න පුළුවන් නේ BIOS එකෙන් එක වැඩිකර ගන්න පුලුවන්ද 128-256 MB වලට මගේ board එක Esys VIA P4M800PRO-x BIOS වර්ගය Phoenix Technologies
Version V 1.0 for P4M800PRO-x අනේ හැකා අයියේ මට පිළිතුරක් ලබාදෙන්න බෝර්ඩ් ගන්න සල්ලිත් නැ AGP card එන්නේ අන්තිම 128 256 අඩුයිලු කියල හෙන ගහන ගණන් කියනවා

January 18, 2012 at 7:34 AM

Biostar G41-m7 mather board එක 667 බස් speed එකට විතරයි හඩලටියන්නෙ.එකට 533 ram එකක් ගහන්න පුලුවන්ඩ කියල බලාගන්න site එකක් නැඩ්ඩ?

January 28, 2012 at 2:21 AM

පට්ට ලිපිය යාළුවා. ඇත්තටම වැදගත් මාතෘකාවක් ඔස්සේ ලියවුණ ලිපියක්. දිගටම ලියන්න. මේ දේවල් ගැන දන්න (මම කීවේ නිවැරදිව දන්න) පිරිස ගොඩාක් අඩුයි. ඒ නිසා මේ වගේ වැදගත් ලිපි හොයාගන්න ගොඩාක් අඩුයි.

Anonymous
February 2, 2012 at 3:31 AM

එළ ලිපිය වැදගත්

February 7, 2012 at 5:52 AM

maru machan mare maru.ubala 2nata godak thanks wagema godak pin

February 7, 2012 at 7:02 AM

Patta machan very usefull............

Nuwan
February 29, 2012 at 8:02 PM

ඇත්තටම ගොඩක් වටිනවා ඔයාගේ හැම ලිපියක්ම මොකද අපි නොහිතන පැති ගොඩක් දුරට ස්පර්ශ කරලා තියෙනවා. නව දැනුම සොයා යන ගොඩක් අයට මෙම මෙම සයිට් එක වැදගත්. මට දැන ගන්න ඕන එක දෙයක් තියෙනවා Krish වින්ඩෝස් 8 දැන් bit 32 කොම්පියුටර් වල use කරන්න බැරිලු මෙහෙම Update ක්ලොත් වින්ඩෝස් 8 අපේ කම්පියුටර් වලත් use කරන්න පුලුවන්ද?

March 15, 2012 at 10:38 PM

elama kiri kollane....
jayawewa....

Anonymous
September 10, 2012 at 10:52 AM

elaaaaaaaa

September 21, 2012 at 12:35 AM

siraawatama ela

September 21, 2012 at 12:35 AM

siraawatam ela

November 19, 2012 at 12:06 AM

wade hodai

November 19, 2012 at 12:06 AM

wade niyamai machan

December 13, 2012 at 11:55 PM

wede maru honde......

May 18, 2013 at 10:57 PM

thanks dr mewa aththatama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak watinawa?>>>>>>>>

October 20, 2013 at 10:53 AM

niyama post eka macho ube danuma apitath denawata godak pin machooooooo.good luck machooooooooooo

May 10, 2014 at 12:44 AM

Su !!!!! Su !!!!!!!!! Per!!!!!!!!!!!!!!!!!!!!!!

November 23, 2015 at 9:40 AM

godak watina post ekak thankz mchn

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-