Recent Additions :
Home » , » මල හුට්ටප්පරයයි... හෙල්ප්! හෙල්ප්ප්ප්ප්ප්ප්!!

මල හුට්ටප්පරයයි... හෙල්ප්! හෙල්ප්ප්ප්ප්ප්ප්!!

{[['']]}
හොඳයි කස්ටිය කොහොමද?. ගොඩක් දවසකින් මුකුත් දෙන්න බැරි උනා. පහු ගිය දවසක මැච් එක බලන්න ප්ලේයර් එකකුත් දැම්මානෙ බ්ලොග් එකට. ඒක බලන්න මෙතනින් යන්න. මම අද ඔයාලට කියන්න යන්නෙ අපේ වැඩක් ගැන. අපි මේ ලඟදි අලුත් වැඩක් පටන් ගත්තා. මූණුපොත ගැන කවුරුත් දන්නවනෙ. අපි ඉතින් දවසින් වැඩි හරියක් ඉන්නෙ මූණුපොතේ නේ. ගොඩක් අය කන්නෙ බොන්නෙ නාන්නෙ එහෙමත් ඔය මූණූපොතේ ඉඳගෙනලුනෙ. අපි වැඩි හරියක් මේකේ ලැග ගෙන හිටියට කවදාවත් ප්‍රයෝජනවත් වැඩක් කරලා තියෙනවාද? කට ඇරගෙන බලාගෙන ඉන්නවා දාපු පොටෝ එකකට Status එකකට කමෙන්ට් කෑල්ලක් වැටෙන කම් නේද? ඉතින් අපි මේ ෆේස්බුක් එකේ ගත කරන කාලය කාටත් ප්‍රයෝජනවත් වෙන පිං අතේ වැඩකට යෙදෙව්වොත් හොඳයි කියලා හිතලා තමයි අපි මේක පටන් ගත්තෙ. 

මේක පටන් ගන්න මූලිකම හේතුව උනේ එක එක්කෙනා ඊමෙල් එවනවා එක එක දේවල් අහලා. ෆේස්බුක් චැට් එකේදි අහනවා. ගුගුල් චැට් එකේදි අහනවා. ඉතින් මෙහෙම එක එක තැනදි ප්‍රශ්න අහන්නෙ නැතුව එකම තැනකදි දැනුම බෙදා ගන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා හිතුන නිසා තමයි මේක පටන් ගත්තෙ. මේක ලියන අද වෙනකොට මේක පටන් අරන් දවස් 7යි. සාමාජිකයන් ගාන 7355යි. කොහොමද වැඩේ. ඉතින් මගේ බ්ලොග් එක කියවන, නිතර මේ පැත්තෙ යන එන හැමෝටම මම ආරාධනා කරනවා අපේ අලුත් වැඩේට එකතු වෙන්න කියලා. මේකෙ කිසිම කොන්දේසියක් නෑ. ඔයාලාත් මේකට එකතු වෙන්න. මේක ඔයාලගේ කරන්නයි අපිට ඕන. මොකද හැම ප්‍රශ්නයකටම උත්තර එක්කෙනෙක් ලඟ නැති වෙන්න පුලුවන්. කෙනෙක් දන්නෙ නැති දෙයක් තව කෙනෙක් දැනගෙන ඉන්න පුලුවන්. ඉතින් මේකට එකතු වෙන්න. දන්න දේවල් කියලා දෙන්න. නොදන්න දේවල් ඉගෙනගන්න. මම දැන් දවසින් වැඩි හරියක් ඉන්නෙ මේකේ. මේක හරිම ෆන් වැඩක්. ඉතින් බල බල ඉන්නෙ නැතුව එකතු වෙයල්ලා. බොලා දන්න කියන ගැජ මැටික් ගැන නොදන්න අයට කියලා දියල්ලා. යාළුවොන්වත් මේ ගැන දැනුවත් කොරහල්ලා. පහල  ලින්ක් එක උඩ කොටලා ගිහින් බලන්නකො වැඩේ කොහොමද කියලා.


බොලාට කොම්පියුටරේ යූස් කොරන කොට ඇතිවෙන ගැටලු මේකට දාන්න පුලුවන්. ඒ ගැටලු වලට උත්තර දන්න අයට පුලුවන් නොදන්න අයට උදව් කරන්න. බොලාගෙ පවුලේ ප්‍රශ්න, ඉඩම් ආරවුල්, අඹු සැමි ප්‍රශ්න, අල්ලපු ගෙදර ඇන්ටිගේ ප්‍රශ්න වගේ ඒවා නම් මෙතන කොටන්න එපා පුතෝ. මගෙන් දැන ගන්න තියෙන හැම දෙයක්ම මේ ගෲප් එකට දාන්න. එතකොට දන්න කියන හැමෝගෙන්ම ඒවාට හොඳ උත්තරයක් ලබා ගන්න පුලුවන් වෙයි.

එහෙනම් අදට මම ගියා. මේ ගැන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා, ගල් මුල්, පහලින් කමෙන්ට් එකක් දාලා කොටලා යන්න. අනිත් එක තමයි කැමති නම් විතරක් මගේ සයිට් එක Follow කරලා සහයෝගය දක්වන්න. ස්තූතියි.
Share this article :

+ Comments + 29 Comments

එල මචන් ඔන්න එහෙනම් අපිත් join වුනා

March 31, 2011 at 6:38 AM

ela wedak mamath join wela inne

March 31, 2011 at 9:21 AM

good work machan

March 31, 2011 at 10:18 AM

මේක නම් ඉතාම හොඳ වැඩක් ...

HACKකාරි
March 31, 2011 at 1:33 PM

නියමයි ඔහොම යන්

April 1, 2011 at 7:19 PM

Niyama wadak....

April 6, 2011 at 7:03 AM

හොඳ වැඩක්......

April 7, 2011 at 3:27 AM

මමත් ඉන්නවා :D

එලකිරි වැඩක් මටත් හුගක ප්‍රයෝජනවත් වුනා

April 18, 2011 at 8:14 AM

එලම එල.......... අපිත් සෙට් වෙන්නම්කෝ.... ඇත්තටම හොදයි යාලු.

ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වල අලුත්ම සංස්කරණය පහලින් බාගන්න.

http://www.mediafire.com/?0xlvxcpo737k8wl


එලටම වැඩ... මාත් දාලා ටෙස් කරා. ගැටලුවක් ආවොත් මෙතනම කමෙන්ට් කරන්න. ඕක මම අප්ලෝඩ් කරපු එකක් නම් නෙමෙයි ඔන්න. බාගෙන බලන්නකෝ අලුත්ම එක...

April 21, 2011 at 9:42 AM

එළ කොල්ලෝ....ඔන්ලයින් හෙල්ප් රොක්ස්...!!!

April 21, 2011 at 10:18 AM

මම ඒක බාගෙන දාගත්තා. බඩු නියමෙට වැඩ. තැන්කු තැන්කු. හැක්ක්‍රිෂ් ඇතුලු උදවු කල සැමට. බොහොම පිං.... බොහොම පිං. ... බොහොම පිං. ....

April 21, 2011 at 2:06 PM

උපරිම සහාය දේනවා අනිවා....

චතුන්
April 22, 2011 at 1:12 PM

අපිත් ආවා.. හරිනෙ!

භාග්‍ය
April 24, 2011 at 7:26 PM

ඔන්ලයින් හෙල්ප් ගෘප් එකට සමහර වෙලාවට යන්න බැරි ඇයි....

April 24, 2011 at 10:48 PM

ඒලස්................

Anonymous
April 25, 2011 at 10:18 PM

එල එල කොල්ලො ගොඩක් වැදගත් අපේ සප් එක***********

Anonymous
May 1, 2011 at 1:25 AM

ඇත්තටම මේ වැඩේ හොදයි..
හේතුව අපේ රටේ නැති වෙනත් රටක ඉන්න උදවියට වුනත් මේ ක්‍රමයෙන්
බොහෝ සේ වාසි තියෙනවා.. හේතුව..
අපේ භාෂාවෙන් යමක් අහලා දැන ගන්න තැනක් මෙතෙක් කල් තිබ්බේ නෑ..
ඇත්තටම සන්තොසයි.. මේ වගේ වැඩකට අත ගැහුවාට..
ඕන්න අපෙන් සහයෝගයක් දෙන්න ඕනේ කියලා හිතලා..
මමත් දැන් රෙජිස්ටර් වුනා..
Mohamed / මොහොමඩ්..

May 28, 2011 at 11:47 AM

i am in..:D lOL

Kushan
June 9, 2011 at 8:03 AM

onna ahenam math request ekak damma.

Anonymous
August 14, 2011 at 12:46 PM

yawewa machan ....ela wadak meka budu sarani........priyantha

October 7, 2011 at 5:40 AM

බොහොම වටින වැඩක්.. ජය!!!

October 17, 2011 at 10:37 AM

ඕන් එහේනම් අපිත් join වුනා. වෑඩේ කරගේන යමු නේ.

November 14, 2011 at 11:25 PM

online help eken tama man ape hackrishva hoyaggate,tns alottttttttt hackrissssssssssssssssss

January 10, 2012 at 10:45 AM

කොච්චර හෙල්ප් කලත් උදව් වලටයි ගාන හදන්නේ.මේ තමයි අන්තර්ජාතික හෙල්ප් මනින ඒකක
හෙල්ප් 1000=උදව් 1
හැකා සහෝට 100% ක් දෙන්නම්.ඒ ඇති.

Anonymous
January 17, 2012 at 10:16 PM

සරි සරි මමත් ජෝඉන් උනා ඔන්න

June 7, 2012 at 7:40 PM

මචන්ලා ම‍ගේ යුනි කෝන් 1ක පුදුම ඇනයක් වේලා තියෙන්නේ --- මම PHOTOSHOP වල වැඩකරද්දි එක ඔන් වේනවා --- ්‍එකේ ෂෝට් කට් වේනස් කරගන්නේ කොහොමද--- හෙල්ප් එකක් දෙනවද

August 5, 2012 at 7:43 AM

එල කොල්ලෝ

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-